සුරංග නානායක්කාර
1981 දී උපත ලද සුරංග නානායක්කාර කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යපනය ලබා සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් විදුලි හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හදාරා ඇත. ඔහු සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි කර ගනී.ශිෂ්‍ය හුවමාරු වැඩසටහන යටතේ සුරංග බර්මින්හැම් සරසවියේ අඩවසරක කාලයක් දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අඩවසරක කාලයක් ගත කළේය. පසුව ඔහු MIT Media Lab හි පෙටි මාස් හි Fluid Interfaces සමූහය සමඟ පශ්චාත්-අචාර්ය උපාධි පර්යේෂකයෙක් ලෙස කටයුතු කළේය.
2014 සිට දී ඔහු තාක්ෂණ හා සැලසුම් නිර්මාණ පිළිබඳ සිංගප්පූරු විශ්වවිද්‍යාලයේ වර්ධනීය මානව විද්‍යාගාරයේ ප්‍රධානී සහ පිලිබඳ සහකාර මහාචාර්යවරයා ලෙස කටයුතු කරයි. EyeRing සහ Haptic Chair හි ඔහුගේ සොයාගැනීම් සඳහා ඔහු වඩාත් චිරප්‍රකටය. ඔහුගේ පර්යේෂණ කටයුතුවලට ඇතුළත් වන්නේ පැළදිය හැකි පරිගණනය, ආධාරක තාක්ෂණය, සාර්වත්‍රික පරිගණක, කෘතීම බුද්ධිය, සාමුහික බුද්ධිය සහ රොබෝ විද්‍යාවයි. 2014 දී ආසියා පැසිෆික් කලාපය සඳහා අවු 35 න් පහළ නවෝත්පාදකයකු ලෙස නානායක්කාර මහතා MIT තාක්ෂණ සමාලෝචනය යටතේ ගෞරවයට පාත්‍ර විය.
සුරංග ඔහුගේ සුවිශේෂී නිමැවුම් අතුරින් වඩාත්ම ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ EyeRing - විරාම අන්තර් සබඳකම් සඳහා ඇඟිලේ-පැළඳින අතුරුමුහුණතක් Haptic Chair - බිහිරි පුද්ගලයින්ට සඳහා වඩා තෘප්තිමත් සංගීත අත්දැකීමක් ලබා ගැනීමට ශ්‍රව්‍ය දෘශ්‍ය පද්ධතියක් -Stick Ears එදිනෙදා වස්තූන් වඩා පහසුවෙන් ප්‍රවේශ විය හැකි උපාංගයක් යනාදියයි. SPARSH නමින් ඩිජිටල් උපාංග අතර දත්ත පිටපත් කිරීමට ක්‍රමයක්; FingerDraw - සොබාදහමෙන් වර්ණ සහ ව්‍යහාත්මක දේ උකහා ගැනීම සහ ඩිජිටල් ඇඳීම් බවට පත් කිරීමේ ක්‍රමය ඔහු විසින් සිදුකර ඇති පර්යේෂණ කටයුතු අතර තවත් සුවිශේෂී සොයා ගැනීම් වේ.
රංග ඩයස්
රංග ඩයස් වර්තමානයේ හාවර්ඩ් විශ්ව විද්යාලයේ භෞතිකවිද්‍යා අධ්‍යන අංශයේ පර්යේෂණ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහුගේ පර්යේෂණ හරහා අතිශය පීඩනය හා උෂ්ණත්වයන් යටතේ ක්වොන්ටම් සංසිද්ධි පරික්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. විශේෂයෙන්, උසස් Tc සුපිරි සන්නායකතාව, චුම්බකත්වය හා අතිරික්තය ක්වොන්ටම් අවධියේ සංක්‍රමණයට ආසන්නතාව පිළිබදවය. ඔහුගේ ප්‍රධාන දායකත්වය වන්නේ ඝන ලෝහමය හයිඩ්රජන් සොයාගැනීම, අතිශය ඝනීභූත පදාර්ථ භෞතික විද්‍යාවේ උත්කෘෂ්ටතම සොයා ගැනීමයි.මෙය භෞතික විද්යාඥයින් වසර 80 කට වඩා වැඩි කාලයක් තිස්සේ ඉටු කිරීමට උත්සාහ දරා ඇති අතර, දෘශ්‍යමය නොවන අස්ථායිවල දී ඉහළ සන්නායක ලෝහමය සහ සුපිරි සන්නයන බහු අවයවක සංශ්ලේෂණ සංස්ලේෂණය, ඝන හයිඩ්රජන්හි නව ක්වොන්ටම් අවධි සංසිද්ධිය සොයාගැනීම, ඝන හයිඩ්රජන් ඩියුට්රියඩේවල ඩිස්ටොරොසියා-රෙකෝම්බින්ඩින් (DISREC) හි ප්‍රථම නිරීක්ෂණය කිරීම, ඝන CO2-V. ඔහුගේ කාර්යය ජනමාධ්‍ය තුල, උදා. New York Times, BBC, NBC, NPR, , Physics Today, New Scientist, Chemistry World, ScienceNews, Nature news and views, APS physics central ප්‍රසිද්ධියට පත්ව ඇත.
මංජු ගුණවර්ධන
මංජු ගුණවර්ධන මාතර දී උපන් අයෙකි. ඔහු මහානාම විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකි. ඔහු මුලික ඉංජිනේරු අධ්‍යාපනය එක්සත් රාජධානියේ ඉංජිනේරු කවුන්සිලයෙන් සහ හුස්ටන් ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පර්යේෂණ සුදුසුකම් ලැබීය.
නවෝත්පාදන, තාක්ෂණික ඒකාබද්ධතාවය සහ පර්යේෂණ සඳහා ඔහුට වසර 25 ක පළපුරුද්දක් හිමිව ඇත. ජිනීවාහි 42 වැනි ජාත්‍යන්තර නවෝත්පාදක සම්මේලනයෙහි රන් පදක්කම් 2 ක් දිනා ගත්තේය. ජිනීවාහි 41 වැනි ජාත්‍යන්තරනවෝත්පාද සම්මේලනයේ දී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් ජයග්‍රහණය කර ඇත.1990 වසරේදී තරුණ නිර්මාපක රන් පදක්කම දිනාගත්තේ ඔහුය.
හෙතෙම ශ්‍රී ලංකා නිතිනි තාක්ෂණය ආයතනයෙහි (SLINTEC) උපදේශකවරයෙකු වන අතර Hybrid Technologies Pvt Ltd ප්‍රධාන විධායක නිලධාරී / පර්යේෂණ විද්‍යාඥ ලෙසද කටයුතු කරනු ලබයි.
රඛිත මාලේවන
රඛිත මාලේවන යනු ශ්‍රී ලාංකික නිර්මාපකයෙකු, විද්‍යාඥයෙකු, විද්‍යාත්මක පර්යේෂකයෙකු සහ තරුණ ක්‍රියාකාරිකයෙකුද වේ. ඔහු ප්‍රධාන වශයෙන් යොමු වී ඇත්තේ වෛද්‍ය හා අණුක ජෛව විද්‍යා පර්යේෂණ කෙරෙහිය. ඔහු උසස් අධ්‍යපනය හදාරන සිසුවෙකුව සිටින අතර HIV / AIDS හා ලියුකේමියාව සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීම වෙනුවෙන් සම්මාන ලබා දී ඇත. හෙතෙම නව සොයා ගැනීම් වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ එහි ජනපතිතුමන්ගේ විශේෂ සම්මානයට පාත්‍ර වූවකි. 2016 දී ඔහු රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ විසින් මහ රැජිණගේ ගෞරවාන්විත යෞවන නායක සම්මානයෙන් පිදුම් ලද අතර HIV රෝගය සහ ඒඩ්ස් වැළඳී ඇති ප්‍රජාවන් වෙනුවෙන් සිදුකළ සමාජ සේවා වෙනුවෙන් මෙම සම්මානය ප්‍රධානය කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම, සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව වෛද්‍ය පර්යේෂණ සිදු කරයි.
2015 දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති අන්තර්ජාතික විද්‍යාත්මක පර්යේෂණ ඔලිම්පියාඩ් තරගයේදී ඔහු විසින් HIV / AIDS පිළිබඳව කළ පර්යේෂණ සඳහා ඔහු රන් පදක්කම දිනා ගත්තේය. එම වසරේදීම ජාත්‍යන්තර පරිසර තිරසාර ඔලිම්පියාඩ් හිදී තවත් රන් පදක්කමක් දිනා ගත්තේය. නෙදර්ලන්තයෙහි පැවතී එම සම්මාන උළෙලේ දී ඔහු ජාත්‍යන්තර ඔලිම්පියාඩ් රන් පදක්කමක් දිනා ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්විය.
මානව ලියුකේමියා සෛලවල ක්‍රියාකාරී චිකිත්සක ඖෂධයක් ලෙස නිතිනි තාක්ෂණය යොදාගෙන සිදුකළ පර්යේෂණයන් 2014 දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති අන්තර්ජාතික විද්‍යා ව්‍යපෘති ඔලිම්පියාඩ් හි ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් වේ. 2012 වසරේදී රඛිත විසින් වාරිමාර්ග ජල සංරක්ෂණ ක්‍රමයක් (සරල හා අඩු පිරිවැය සහිත ක්ෂේත්‍ර ධාරිතා පරීක්ෂණ යන්ත්‍රය) නමින් නව ක්‍රමයක් හඳුන්වා දුන් අතර ස්ටොක්හෝ හි කණිෂ්ඨ ජල ත්‍යාගය සඳහා තරගයේදී කුසලතා සම්මානය දිනා ගත්තේය. ඔහුගේ පාසලේ උසස් පෙළ හදාරන කාලය තුළදී ද වෛද්‍ය ප්‍රකාශන කිහිපයක් ද රඛිත මහතා විසින් ලියා පලකරන ලදී.
දිනේෂ් කටුගම්පල
දිනේෂ් කටුගම්පල බෝමිරිය ජාතික පාසලේ සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඔහුගේ වඩාත් කැපී පෙනෙන නවෝත්පාදනය වන්නේ ලොව ප්‍රථම Radius Metre පද්ධතියයි. එය ඕනෑම ගෝලයක හෝ චාපයක අරය සොයා ගැනීමට සමත් උපකරණයකි. 2008 වසරේදී ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ, රෙදිපිළි හා ඇඟලුම් ඉංජිනේරු තාක්ෂණ හදාරමින් ජාතික තාක්ෂණ ඩිප්ලෝම(NDT) පාඨමාලාවේ අවසන් වසරේ ශිෂ්‍යයෙකුව සිටියදී මෙම උපකරණය නිර්මාණය කළේය.
මෙම උපකරණය නිර්මාණය කිරීමේදී යොදාගත් ගණිතමය ව්‍යත්පන්නය, චතුරශ්‍රාකාර ද්විත්ව ප්‍රමේයය ලෙස හැඳින්වේ. එය රේඩියස් මීටරය සඳහා පදනම වේ. 2009 වසරේදී ඔහුගේ නිර්මාණය හා ගණිතමය සූත්‍රය සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගත්තේය. එම සොයා ගැනීම නිසා ඔහුට ජාත්‍යන්තර ගෞරවය හිමිව ඇති අතර ශ්‍රී ලංකාවට ද ගෞරවය ගෙනදීමට ඔහු සමත්ව ඇත. ලෝක බුද්ධිමය දේපල සංවිධානය විසින් සංවිධානය කරන ලද, ජිනීවාහි පැවති ලෝක නවෝත්පාදන තරගයේදී කාර්මික උපකරණ ක්ෂේත්‍රයේ රිදී පදක්කම දිනාගැනීමට 2012 වසරේදී මෙම නිර්මාණයට හැකියාව ලැබිණි. ඔහුගේ චතුරශ්‍ර ද්විත්ව ප්‍රමේයය ගණිත පෙළපොත් සඳහා ඇතුළත් කිරීමට හා පාසැල්වල ඉගැන්වීමට ඔහුට අවශ්‍යව ඇත.