NERD - ජාතික ඉනගිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

NERDC පිරිවැය ඵලදායී ඉදිකිරීම් තාක්ෂණය අනුව අප නිවස ඉදි කරන්නේ කෙසේද? 

NERDC අත්තිවාරම්පද්ධති, ස්ලිප් බිත්ති, පස් සිමෙන්ති ගඩොල් බිත්ති, NERDC කොන්ක්‍රීට් ස්ලැබ්, කොන්ක්‍රීට් දොර ජනෙල් රාමු 25% - 30% කින් ඉදිකිරීම් පිරිවැය පහත හෙළයි. මෙය දැරිය හැකි මිල ගණන් නිසා බහුලව භාවිතා වේ. පාරිභෝගික අවශ්‍යතා අනුව සැලසුමක් සකස් කරගැනීමට NERD මධ්‍යස්ථානය හරහා NERD බලපත්‍රලාභීන් සම්බන්ධ කරගත හැකිය.

NERD මධ්‍යස්ථානයෙන් තාක්ෂණ පැවරුම්  හා සම්බන්ධ වන්නේ  කෙසේද?

නව ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන ව්‍යවසායකයින්ගේ ප්‍රතිලාභය සඳහා පවරාදීම සිදුකළ හැකි තාක්ෂණයන් 25ක් පවතී. වැඩි විස්තර සඳහා +94 112 234 266 හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. අමතන්න

NERDC විසින් වැඩිදියුණු කරන ලද නිෂ්පාදන මිලදී ගන්නේ කෙසේද?

NERDC විසින් වැඩිදියුණු කරන ලද නිෂ්පාදන සෑදීමට බලපත්‍ර ලාභීන් 36 දෙනෙකු ඇත.මිලදී ගැනීම සඳහා NERD ඇමතීමෙන් බලපත්‍රලාභීන්ගේ ලැයිස්තුව ලබාගත හැකිය.

පස් මිශ්‍ර සිමෙන්ති බ්ලොක් මිලදී ගන්නේ කෙලෙසද?

මෙම පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත මෙන්ම  සාපේක්ෂව මිලෙන් අඩු නිෂ්පාදයකි.මිලයට ගැනීමට NERDC වෙබ් අඩවිය හරහා බලපත්‍රලාභීන් හා සම්බන්ධ විය හැක. 

{sliderNERD මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වන්නේ කෙසේද?}

දැනටමත් පවත්නා පුහුණු වැඩසටහන් අතර  පිරිවැය ඵලදායි ගොඩනැගිලි තාක්ෂණ, සිමෙන්ති පස් ගල් නිෂ්පාදන, පුහුණු වැඩසටහන්, CAD / CAM පුහුණු වැඩසටහන් වේ. වැඩි විස්තර සඳහා +94 112 234 266 හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. අමතන්න.

NIFS - ජාතික මූලික අධ්‍යන ආයතනය 

NIFS යනු කුමක්ද? එය NIFS හි අරමුණු මොනවාද?

NIFS යනු ජාතික මූලික අධ්‍යයන ආයතනය වන අතර මහනුවර, හන්තාන කඳුකරයේ පිහිටා ඇත. ගූගල් සිතියම්හි සොයන්න https://goo.gl/maps/ctSVLXatDhH2

අරමුණු: විද්‍යාත්මක දැනුම, මානව සම්පත් සහ ජාතික සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා මූලික අධ්‍යයනයන්හි යෙදී පර්යේෂණ ආරම්භය, ප්‍රවර්ධනය කිරීම සහ එම නිෂ්පාදන ප්‍රචලිත කිරීම සිදු කෙරේ.

NIFS සුවිශේෂී වන්නේ ඇයි?

1981දි ස්ථාපනය කිරීමේ සිට ශ්‍රී ලංකාවේ පර්යේෂණ කාර්යයන්හි පෙරමුණෙහි සිටින ජාතික මූලික අධ්‍යන ආයතනය, සිය පනත මඟින් මූලික පර්යේෂණයන්හි නියැලීම ප්‍රධාන අරමුණ කරගත් එකම පර්යේෂණ ආයතනය වේ. 'ජාතික සංවර්ධනය සඳහා මූලික පර්යේෂණ' කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇත. ජාතික ඉල්ලීම් සපුරාලීමට ප්‍රයෝජනවත් යෙදුම් පිළිබද මූලික පර්යේෂණ සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘති ක්‍රමවත්ව  සැළසුම් කර විද්‍යාත්මකව ක්‍රියාත්මක කරනු ලැබේ. NIFS රාජ්‍ය අංශය සහ පෞද්ගලික ආයතන ගණනාවක් පමණක් නොව  විද්‍යාත්මක දියුණුව සඳහා වූ ලොව කීර්තිමත් ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරනු ලබයි. විද්‍යාත්මක ප්‍රජාව සහ මහජනයා සඳහා පර්යේෂණ සොයාගැනීම් පිලිබඳ තොරතුරු බෙදාහැරීම සඳහා තරුණ පර්යේෂකයින් පුහුණුකිරීම හරහා ශක්‍යතා ගොඩනැන්වීමද සහතික කෙරේ. එහි කැපී පෙනෙන පර්යේෂණ පහසුකම් සහ අතිශයින්ම කැපවූ හා සුදුසුකම් ලත් පර්යේෂණ කාර්ය මණ්ඩලයක් සමඟ, NIFS හි අනාගත ඉලක්කය වන්නේ එම ක්‍ෂේත්‍රයේ තරගකාරී ආයතන අතර ඉහල සාර්ථකත්ව මට්ටමක් කරා ළඟා වීමය.

ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍ර මොනවාද?

පර්යේෂණ  ඒකක 6 ක් යටතේ කාණ්ඩගත කරන ලද පර්යේෂණ ව්‍යාපෘති 20 කට වඩා පවතී .

(i) බලශක්ති සහ උසස් ද්‍රව්‍ය

(ii) සෛද්ධාන්තික භෞතික විද්‍යාව හා පරිගණක අධ්‍යයනය

(iii) ස්වාභාවික නිෂ්පාදන හා ආහාර රසායන විද්‍යාව

(iv) ක්ෂුද්‍රජීව විද්‍යාව හා කාබන් තිර කරගැනීම 

(v)  පෘථිවිය, පරිසරය සහ ජෛව විවිධත්වය 

(vi) අණුක ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණය.

මාගේ විද්‍යාත්මක දැනුම වැඩිදියුණු කිරීමට මා හට සම්බන්ධ වියහැකි NIFS ව්‍යාප්ති වැඩසටහන් මොනවාද?

පර්යේෂණ කටයුතු වලට අමතරව, විද්‍යාත්මක තොරතුරු විද්‍යාත්මක ප්‍රජාව වෙත හුවමාරු කිරීම හා විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා NIFS අවධානය යොමු කරයි. NIFS සම්මන්ත්‍රණ, වැඩමුළු,ප්‍රායෝගික රසායනාගාර සැසි, විද්‍යා කඳවුරු සහ ඊ-ව්‍යාපෘති කිහිපයක් ආදී ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරයි.

NIFS  හා සම්බන්ධ වන්නේ කෙසේද?

ඔබට විවිධ මට්ටමින් අපගේ පර්යේෂණ කණ්ඩායම් සමඟ එක්විය හැකිය; විද්‍යාඥයින්, පර්යේෂණ සහායකයන්, පර්යේෂණ සහකාර, පශ්චාත් උපාධි / උපාධි අපේක්ෂිත පූර්ව ශිෂ්‍ය සහ පූර්ව විශ්වවිද්‍යාල පර්යේෂණ ශිෂ්‍ය හෝ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස.
වැඩි විස්තර සඳහා ඔබට NIFS වෙබ් අඩවියට පිවිසිය හැකිය (NIFS web site)

NSF - ජාතික විද්‍යා පදනම 

මගේ පර්යේෂණ සඳහා දේශීයව රචනා කළ විද්‍යා හා තාක්ෂණ ශාස්ත්‍රීය ග්‍රන්ථ කාර්යක්ෂමව සොයා ගත හැක්කේ කොහෙන්ද?

පිළිතුර - ජාතික විද්‍ය පදනමෙහි ජාතික විද්‍යා පුස්තකාල හා සම්පත් මධ්‍යස්ථානය (NSLRC) දේශීය විද්‍යා හා තාක්ෂණ ශාස්ත්‍රීය ග්‍රන්ථ මාර්ගගතව(online) බෙදා හැරීමේ ප්‍රමුඛතම ආයතනය ලෙස කටයුතු කරයි.
පර්යේෂකයන්ට පරිශීලනය කළ හැකි වෙබ්අඩවි කිහිපයක් පහත දැක්වේ:

  • ආයතනික කෝෂ්ඨාගාර පිළිබඳ ජාතික ජාලය - අධ්‍යයන හා පර්යේෂණ ආයතන හා සම්බන්ධ සියලු ශ්‍රී ලාංකීය කෝෂ්ඨාගාර පොදු අතුරුමුහුණතක් හරහා සොයා ගත හැක.  - http:/dl.nsf.ac.lk.ohs
  • Sri Lanka Journals Online (SLJOL) - විද්වත් මඬුල්ලක් හරහා සමාලෝචනයට ලක්කල-ශ්‍රී ලංකා ජර්නල් සඟරා 73 ක සම්පූර්ණ අන්තර්ගතය සඳහා ප්‍රවේශ වීමට අන්තර්ජාල වේදිකාවක් ලෙස ක්‍රියාකිරීම.
  • විදුකෙත ඒකාබද්ධ දත්ත සමුදා පද්ධතිය - ශ්‍රී ලංකා පර්යේෂකයින්ගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීම සඳහා NSLRC විසින් නඩත්තු කෙරෙන ජාතික මට්ටමේ මාර්ගගත දත්ත සමුදා ගණනාවකින් සමන්විත වන අතර ඊට  viduketha.nsf.ac.lk හරහා පිවිසිය හැකිය.
  • SCOPUS, TEEAL, HINARI, AGORA, OARE සහ ARDI වැනි අන්තර්ජාතික දත්ත ගබඩාවලට නොමිලේ ප්‍රවේශ වීමේ අවස්ථාව ලබාදීම.

ජාතික විද්‍යා පදනමේ ජර්නලයට හෝ සමාජ විද්‍යා පිළිබඳ ශ්‍රී ලංකා ජර්නලයට අත් පිටපත් ඉදිරිපත් කිරීමේ කාල සීමාවක් තිබේද?

අත්පිටපත් වසරේ ඕනෑම කාලයකදී ඉදිරිපත් කළ හැකිය.
වැඩි විස්තර සඳහා, ජාතික විද්‍යා පදනමේ ජර්නලයට හෝ ශ්‍රී ලංකා සමාජ විද්‍යා පිලිබඳ ජර්නලය වෙත පිවිසෙන්න.

Journal of the National Science Foundation හෝ Sri Lanka Journal of Social Sciences

තාක්ෂණික ප්‍රදානයක් සඳහා උපරිම සීමාව කුමක්ද?

නිශ්චිත උපරිම සීමාවක් නැත.

තාක්ෂණික දීමනාවක් සඳහා උපරිම සීමාව කුමක්ද?

විදුහල්පති මාර්ගයෙන් විද්‍යා සමාජ වැඩසටහන නිසි ලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්. විද්‍යා / පාසැල් විද්‍යා සමාජ වැඩසටහන හරහා ජාතික විද්‍යා පදනමේ වෙබ් අඩවියෙන් භාෂා ත්‍රිත්වයෙන් සකසන ලද අයදුම්පත් ලබා ගත හැකිය. අයදුම්පත් ලැබීමෙන් පසු ජාතික විද්‍යා පදනම විසින්, පාසැල් විද්‍යා සමාජය වෙත ලියාපදිංචි අංකයක් ලබාදෙන අතර එය අදාල පාසලේ විදුහල්පතිවරයා වෙත තැපැල් කෙරේ.

තරඟකාරී පර්යේෂණ ප්‍රදාන සඳහා ලබාදෙන අරමුදල්හි ඉහළ සීමාව කුමක්ද?

එවැනි ඉහළ සීමාවක් නැත, නමුත් එක් එක් අයවැය අයිතමය මනා ලෙස සාධාරණීකරණය කළ යුතුය.

ජාතික විද්‍යා පදනමෙහි (NSF) විද්‍යා හා තාක්ෂණ කළමනාකරණ තොරතුරු පද්ධතිය (STMIS) හා ලියාපදිංචි විය හැක්කේ කෙසේද?

ඔබ විද්‍යා හා තාක්ෂණය හා අදාළ විෂය ක්ෂේත්‍රයක අවම වශයෙන් මූලික උපාධියක් සතුව, විද්‍යා හා තාක්ෂණ අංශයට අදාල ක්‍රියාකාරකම්වල නියැළී සිටින අයෙකු නම්, ඔබ STMIS හි ලියාපදිංචි වීමට සුදුසුකම් ලබයි. STMIS හි ලියාපදිංචිය ලබා ගැනීම සඳහා, NSF වෙබ් අඩවියෙන් අයදුම්පත බාගත කර ගැනීම හෝ ඔබගේ ඉල්ලීම: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත යොමු කිරීම සිදු කල හැකිය. ඔබගේ සම්පුර්ණ කරන ලද අයදුම්පත: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත ලබා දෙන්න. ඔබගේ අයදුම්පත පිරිසැකසුම් කිරීමෙන් අනතුරුව ඔබගේ ලියාපදිංචි විස්තර එවනු ලැබේ.