කැබිනට් අනුමැතිය මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ දැව කර්මාන්තයට වටිනාකමක් එක් කිරීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද දැව සැලසුම් කිරීමේ නවෝත්පාදන මධ්‍යස්ථානයක් (TDIC) සහ දැව සැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය (TPIC) පිහිටුවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

මොරටුව විශ්ව විද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ එක්ව තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයට (COSTI) මෙම දැව නවෝත්පාදන මධ්‍යස්ථාන දෙක පිහිටුවීමේ කාර්යය පැවරී ඇත.

මෙම නවෝත්පාදන මධ්‍යස්ථාන දෙක මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඉහළ මට්ටමේ ගෝලීය අපනයන වෙළඳපොළට දැව පදනම් කරගත් නවෝත්පාදන සැලසුම් හඳුන්වා දීමට ඉදිරියේ දී ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම මධ්‍යස්ථානවල සාර්ථක ක්‍රියාකාරිත්වය තුළින්, මොරටුව ප්‍රදේශය දැව නිෂ්පාදන සැලසුම් වල විශිෂ්ට කලාපයක් ලෙස ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකාවේ කුඩා දැව නිෂ්පාදකයින් ඉහළ මට්ටමකට ගෙන ඒම සහ ප්‍රතිනිර්මාණය කිරීම, පුහුණුව තුළින් ධාරිතාව ඉහළ නැංවීම, දැනුම සහ තාක්‍ෂණය පවරාදීම,  දැව කර්මාන්තයේ රැකියා උත්පාදනය, ශ්‍රී ලංකාවේ දැව සැලසුම් සඳහා හඳුනාගත් අද්විතීය වෙළඳ නාමයක් නිර්මාණය කිරීම සහ බුද්ධිමය දේපළ යටතේ එය ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ දැව හා දැව පදනම් කරගත් නිෂ්පාදන සඳහා ඉහළ මට්ටමේ අපනයන වෙළඳපොළ අවස්ථා වැඩි දියුණු කිරීම, දැව හා දැවවල දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය ඉහළ නැංවීමෙ, නිෂ්පාදන සහ ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් නවෝත්පාද්‍ය දැව අපනයන වැඩි කිරීම වැනි ප්‍රතිඵල අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කරමින් මොරටුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන COSTI අතර ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති සාපේක්ෂ ක්‍රියාකාරකම් TPIC සහ TDIC යටතේ සිදු කිරීම සඳහා අදාළ විශ්ව විද්‍යාල වෙත අරමුදල් ලබා දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය TPIC යටතේ දැව සැකසුම් නවෝත්පාදනයන් පිළිබඳ පර්යේෂණ 4 ක් සිදු කරමින් සිටින අතර සියලු මට්ටමේ දැව කර්මාන්තකරුවන් සඳහා වෙබ් අඩවියක් ආරම්භකිරීමට කටයුතු යොදා ඇත. 

මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නිවර්තන දැව සංවිධානයේ (ITTO) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

Timber 1Timber 2

 

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරනවා -  ඇමති තිලංග, SLIATE ආචාර්යවරුන්ගේ  සංගමයේ නියෝජිතයන්ට පොරොන්දු වෙයි.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින SLIATE ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් සමග එම ආයතනය වැඩිදියුණු කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා මෙසේද පැවසීය.

"SLIATE හරියට කැලේ පිපුණු මලක් වගේ. වැඩි අගයක් ජාතියට ලබාදීමේ හැකියාව තිබියදී ඉන්  නිසි ප්‍රයෝජන ලබා නොගන්නා බවයි මගේ හැඟීම. ඒ නිසා ඉක්මනින්ම මෙම ආයතනය උපාධි ලබා දෙන ආයතනයක් බවට පත්කරමින් වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා.  අපේ දරුවන්ගේ දර්ශනය එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් රට පුරා ක්‍රියාත්මක වන ආයතන 19 තුළ ඉගැන්වෙන විෂයයන් සංඛ්‍යාව 60 -  80 ක්  වැනි මට්ටමකට වැඩි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන භෞතික සම්පත් සියල්ල ලබා දීමටත් අපි කැප වෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රාජ්‍ය විශ්වවිද්‍යාල  හා උපාධි ලබා දීමට බලය දී තිබෙන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගනිමින් අප ආයතනය වැඩිදියුණු කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපි කැපවීමෙන් කටයුතු කරනවා. උපාධි මට්ටමට පහසුවෙන් ගෙනයාහැකි සුදුසුම විෂය කිහිපයකින් මෙම කාර්යය අපි ආරම්භ කරනවා. මෙම ආයතනය තුළ අධ්‍යාපනය ලබාදෙන විෂයපථයන් තාක්ෂණික අංශයට වැඩි නැඹුරුවක් සහිතව යාවත්කාලීන කළ යුතුයි. එහිදී අප අමාත්‍යාංශය යටතේ පවතින නවීන පර්යේෂණ ආයතන සමඟ සම්බන්ධවී අපේ දරුවන්ට නව පර්යේෂණවලට යොමු වීමේ අවස්ථාවත් උදා කරනවා. ඒ හරහා ආයතනයට වැඩි අගයක් ලබා දීම පහසු වෙනවා.  

මෙම කාර්යයේ  මුල් පියවර ලෙස ඉදිරි සති දෙකක පමණ කාලය තුළ මේ සඳහා අවශ්‍ය  සියලු පාර්ශව එක් කරමින් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අවධානය යොමුකර එකඟතාවන් සහිතව උපාය මාර්ගික සැලැස්මක් සකසනවා. එයට අනුගතව මෙම ආයතනයේ මීළඟ බඳවා ගැනීමත් නව ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කරනවා. SLIATE ආයතනය වැඩිදියුණු කිරීමට හොඳම අවස්ථාව මෙයයි. රටේ ආර්ථික සංවර්ධනය සඳහා අනාගත පරපුර තාක්ෂණික අංශයෙන් සන්නද්ධ කළ යුතුය යන කරුණ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ කාර්යය ඉටු කර ගැනීමට පහසුවෙනවා.

SLIATE උපාධි ලබා දෙන ආයතනයක් බවට වැඩි දියුණු කිරීම,  උසස් අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ මුදල් පිටරටට යාම වළක්වා ගැනීමටත් පිළියමක් වෙනවා. වර්තමානයේ මේ ආයතනය තුළ ඉගෙනුම ලබන දරුවන්ගේ කටයුතුවලට බාධා නොවන පරිදි,  ඉදිරියේ දී බඳවාගන්නා සිසුන්ට තාක්ෂණික විශ්ව විද්‍යාලයක ස්වරූපය සහිතව උපාධි ලබාදෙන උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන පද්ධතියක් නිර්මාණය කරන බව" එතුමා තවදුරටත් අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවේදී ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් දැනට මුහුණ දෙන වෘත්තිමය ගැටලු හා අසීරුතා පිළිබඳවත් කරුණු දැක්වූ අතර, මෙම ආයතනය වැඩිදියුණු කිරීමත් සමගම එම ගැටළු සඳහා පිළියම් යෙදීමටත් අවධානය යොමු කරන බවට ද  අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය. 

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි,  මහාචාර්ය ජනිතා ලියනගේ, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්ම මහත්මින් සහ SLIATE ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Sliate Degree Awarding 1 Sliate Degree Awarding 2

 

 

වසර 9 කට පසුව ශ්‍රී ලංකාවට දර්ශනය වු වලයාකාර සූර්යග්‍රහණය නීරීක්ෂණ කඳවුර තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 දෙසැම්බර් මස 26 වන අද දින පෙරවරුවේ යාපනය විශ්ව විද්යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මීට පෙර එවැනි සූර්යග්‍රහණයක් දර්ශනය වූයේ 2010 වර්ෂයේදීය. නැවත මෙවැනි සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දර්ශනය වන්නේ 2031 වර්ෂයේ මැයි 21 දින වන බැවින් මෙය විශේෂ අවස්ථාවක් විය. මෙම සූර්යග්‍රහණය හොඳින්ම දිස් වන්නේ උතුරු ප්‍රදේශයට වන බැවින් එම ප්‍රදේශයේ ස්ථාන කීපයක දී නිරීක්ෂණ කඳවුරු සංවිධාන කර තිබුනි. යාපනය විශ්වවිද්‍යාලය, කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයීය ඉන්ජිනේරු පීඨය සහ මුලතිව් මුහුදු තීරය යන ස්ථාන වල එම කඳවුරු ක්‍රියාත්මක විය.

මෙම අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.රවිරාජන යන මහත්වරුන්ද එක්ව සිටියහ.

1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම වාර්ෂිකව සංවිධානය කරන ජාතික විද්‍යා පදනම් සම්මාන උළෙල - 2018 පසුගිය දින (18) උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජාතික විද්‍යා පදනම විසින් ප්‍රදානය කරනු ලබන පර්යේෂණ අරමුදල් මත සිදුකරන ලද පර්යේෂණ අතරින් විද්‍යා ප්‍රගමනයට කැපීපෙනෙන දායකත්වයක් සැපයූ විශිෂ්ට පර්යේෂකයන් ඇගයීමත් සහ විද්‍යාත්මක පර්යේෂණයන්හි දී ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට තරගකාරීව පර්යේෂණ ප්‍රදාන ලාභීන් අභිප්‍රේරණය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සම්මාන ප්‍රදානය වාර්ෂිකව සංවිධාන කෙරේ.

මෙම උළෙලේ දී, ප්‍රධාන වශයෙන් යෝජනා ක්‍රම හතරක් යටතේ සම්මාන පිරිනමනු ලබයි. ජාතික විද්‍යා පදනම් පර්යේෂණ සම්මාන, ජාතික විද්‍යා පදනම් තාක්ෂණ සම්මාන, ලෝක විද්‍යා ඇකඩමිය සහ ජාතික විද්‍යා පදනම එක්ව පිරිනමණු ලබන තරුණ විද්‍යාඥයාට හිමි සම්මානය සහ පර්යේෂණ උපාධි අධීක්ෂණය සඳහා වන සහය යෝජනා ක්‍රමය යන හතර යටතේ පර්යේෂණ 26 ක් සඳහා මෙහිදි සම්මාන පිරිනමනු ලැබීය. ජාතික විද්‍යා පදනම් පර්යේෂණ සම්මාන කාණ්ඩය යටතේ එම පදනමේ අරමුදල් මත ක්‍රියාත්මක පර්යේෂණ ව්‍යාපෘති වලින් විශිෂ්ට ඇගයීමට ලක්වූ ඉංජිනේරු විද්‍යා, සෞඛ්‍ය විද්‍යා, ජෛව තාක්ෂණ මූලික විද්‍යාව සහ පරිසරය හා ජෛවවිවිධත්වය යන අංශ යටතේ සම්මාන 5 ක් පිරිනමන ලදි. නවෝත්පාදන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමෙහිලා තාක්ෂණ ප්‍රදානලාභීන්ගේ දායකත්වය ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් තාක්ෂණ සම්මාන කාණ්ඩය යටතේ සාර්ථකව නිම කළ එක් ව්‍යාපෘතියක් සඳහා ප්‍රශංසාත්මක සහතිකයක් ප්‍රදානය කෙරිණි. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ තම පර්යේෂණ කටයුතු විශිෂ්ට මට්ටමක පවත්වා ගනු ලැබූ තරුණ විද්‍යාඥයින් වෙනුවෙන් ලෝක විද්‍යා ඇකඩමිය සහ ජාතික විද්‍යා පදනම එක්ව පිරිනමණු ලබන තරුණ විද්‍යාඥ සම්මානයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා පිදුම් ලැබීය. ජීව විද්‍යාව රසායන විද්‍යාව ගණිතය සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ තම පර්යේෂණ කටයුතු විශිෂ්ට මට්ටමක පවත්වා ගනු ලැබූ තරුණ විද්‍යාඥයින් සඳහා මෙම සම්මානය වාර්ෂිකව පිරිනමනු ලබන අතර ව විද්‍යා විශේෂ විද්‍යාඥයකු විසින් එම සම්මානය මේ වසරේදී දිනාගනු ලැබීය. විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි හදාරන සිසුන් අධීක්ෂණය කරනු ලබන විද්‍යාඥයන් ඉංජිනේරුවන් අභිප්‍රේරණය කිරීම හා පශ්චාත් උපාධි පර්යේෂණ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීමට විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන දිරිමත් කිරීම අපේක්ෂිතව සම්මාන උළෙලේදී අධීක්ෂක කණ්ඩායමක් 12 ක් වෙනුවෙන් සම්මාන පිරිනැමිණි.

පර්යේෂණවල ප්‍රතිලාභ යන තේමව යටතේ සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් රණසිංහ මහතා විසින් පවත්වන ලදි. මෙහි දී අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධන අමාත්‍යතුමා මෙසේ පැවසීය. “දළ දේශීය නිෂ්පාදිතයෙන් පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කළ යුතුය යන මතයේ ජනාධිපතිතුමා ඇතුළු රජය සිටිනවා. අත්දැකීම් රාශියක් සහිතව එතුමා විශ්වාස කරනවා මානව සම්පත් සංවර්ධනය තුළින් ලබන ඵලය රටේ සංවර්ධනයට ඉවහල් වන බව. මේ රට සංවර්ධිත තත්වයට ගෙන ගොස් ජන ජීවිතය ඉහළ නැංවිය හැකි වෙන්නේ නව තාක්ෂණය, නවෝත්පාදන හා නව සිතුම් පැතුම් සහිත ආර්ථික ක්‍රමයක් තුළින් පමණයි. ඒ නිසා ඉදිරියේ දී කෙටි කාලයක් තුළ රජයෙන් ප්‍රතිපාදන සැපයීමේදී වෙනත් අංශ වලට වඩා, විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදන හා පර්යේෂණ ක්ෂේත්‍ර වලට ප්‍රමුඛතාව ලබාදී වැඩිම සම්පත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරනවා. එහි ප්‍රතිඵල සමාජයට අලෙවි කිරීමට විද්‍යාඥයින් පර්යේෂකයින් කටයුතු කළ යුතුයි. ඒ හරහා අපේ සම්පත් වලට වැඩි අගයක් එකතු කිරීමට වැඩි ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.”පර්යේෂණවල ප්‍රතිලාභ යන තේමව යටතේ සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් රණසිංහ මහතා විසින් පවත්වන ලදි. මෙහි දී අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධන අමාත්‍යතුමා මෙසේ පැවසීය. “දළ දේශීය නිෂ්පාදිතයෙන් පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කළ යුතුය යන මතයේ ජනාධිපතිතුමා ඇතුළු රජය සිටිනවා. අත්දැකීම් රාශියක් සහිතව එතුමා විශ්වාස කරනවා මානව සම්පත් සංවර්ධනය තුළින් ලබන ඵලය රටේ සංවර්ධනයට ඉවහල් වන බව. මේ රට සංවර්ධිත තත්වයට ගෙන ගොස් ජන ජීවිතය ඉහළ නැංවිය හැකි වෙන්නේ නව තාක්ෂණය, නවෝත්පාදන හා නව සිතුම් පැතුම් සහිත ආර්ථික ක්‍රමයක් තුළින් පමණයි. ඒ නිසා ඉදිරියේ දී කෙටි කාලයක් තුළ රජයෙන් ප්‍රතිපාදන සැපයීමේදී වෙනත් අංශ වලට වඩා, විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදන හා පර්යේෂණ ක්ෂේත්‍ර වලට ප්‍රමුඛතාව ලබාදී වැඩිම සම්පත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරනවා. එහි ප්‍රතිඵල සමාජයට අලෙවි කිරීමට විද්‍යාඥයින් පර්යේෂකයින් කටයුතු කළ යුතුයි. ඒ හරහා අපේ සම්පත් වලට වැඩි අගයක් එකතු කිරීමට වැඩි ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.”මෙහි දී අදහස් දැක්වූ තිලංග සුමතිපාල අමාත්‍යතුමා මෙසේ පැවසීය. “අප රටේ රජයෙන් පර්යේෂණය සඳහා ලැබෙන අවධානය අඩු මට්ටමකයි පවතින්නේ.

නමුත් වත්මන් රජයේ ප්‍රථම වතාවට තාක්ෂණ හා නවෝත්පාදන විෂය සඳහා වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. එය සිදු වූයේ මෙරට දියුණු දේශයක් කිරීමට කැපවී සිටින, අතිගරු ජනාධිපතිතුමන්ගේ අදහසක් අනුවයි. දේශපාලනමය නොවන මැදිහත් වීමක් තුළින් පළමු වරට රාජ්‍ය නායකත්වයට පත්වූ එතුමා රටේ දියුණුව සඳහා කටයුතු කරනවා. ඒ සඳහා අපි දැනට සිටින තත්ත්වයෙන් සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක හඳුනාගත යුතුයි. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය වෘත්තීමය ප්‍රවේශයක් හරහා විද්‍යාඥයින්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මෙරට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරගත හැකිවන්නේ තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයක් හරහා යන්න අපි රජයට ඒත්තු ගැන්විය යුතුයි.” නමුත් වත්මන් රජයේ ප්‍රථම වතාවට තාක්ෂණ හා නවෝත්පාදන විෂය සඳහා වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. එය සිදු වූයේ මෙරට දියුණු දේශයක් කිරීමට කැපවී සිටින, අතිගරු ජනාධිපතිතුමන්ගේ අදහසක් අනුවයි. දේශපාලනමය නොවන මැදිහත් වීමක් තුළින් පළමු වරට රාජ්‍ය නායකත්වයට පත්වූ එතුමා රටේ දියුණුව සඳහා කටයුතු කරනවා. ඒ සඳහා අපි දැනට සිටින තත්ත්වයෙන් සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක හඳුනාගත යුතුයි. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය වෘත්තීමය ප්‍රවේශයක් හරහා විද්‍යාඥයින්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මෙරට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරගත හැකිවන්නේ තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයක් හරහා යන්න අපි රජයට ඒත්තු ගැන්විය යුතුයි.” මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, චින්තක ලොකුහෙට්ටි, ජාතික විද්‍යා පදනම වැඩබලන සභාපතිනි, නන්දනී සමරවික්‍රම, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු විද්‍යාඥයන්, පර්යේෂණවේදීන් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් සංවිධාන කළ 4 වන ද්වි වාර්ෂික පර්යේෂණ සමුළුව 2019.12.17 දින උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ සහ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාළඹේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ නවීන පර්යේෂණ හා සංවර්ධන සංකීර්ණයේ දී පැවැත්විණි. “තිරසාර සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නව්‍යකරණයන්හි විශිෂ්ටත්වය” යන්න මෙවර සමුළුවේ තේමාව විය. සමුළුවේ ප්‍රධාන දේශනය මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා විසින් පවත්වන ලදි. විශේෂ පර්යේෂණ සිදුකරමින් නව දැනුම සමාජගත කළ සහ ජාතික වශයෙන් ජයග්‍රහණ ලබාගත් කාර්මික තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් හා පර්යේෂණවේදීන් ඇගයීම ද මෙම සමුළුවේ දී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, අතිරේක ලේකම් නන්දනී සමරවික්‍රම, දකුණු ලෝකයේ තිරසර සංවර්ධනය සඳහා වන විද්‍යා හා තාක්ෂණ කොමිසමේ (COMSATS හි) විධායක අධ්‍යක්ෂ, ආචාර්ය සයිදි ජුනයිඩ්, කාර්මික තාක්ෂණ ආයතනයේ වැඩබලන සභාපතිනි සුරේකා හේවගේ, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1