Young Inventors Clubs

නව නිපැයුම්කරණය ප්‍රවර්ධනය කරමින් රට තුල නව නිපැයුම් සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් අනාගත පරම්පරාවන් වෙත නව නිපැයුම්කරණය දායක කිරීම සඳහා කොමිසම කටයුතු කරනු ලබයි. එම අරමුණ පෙරදැරිව දැයේ නව නිපැයුම්කරණය ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛතම කොට්ඨාශය ලෙස පාසල්, විශ්ව විද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන තුල අධ්‍යාපනය ලබන සිසුන් කොමිසම මඟින් හඳුනාගෙන ඇත.

දැයේ නව නිපැයුම් කුසලතාවයන් ඔප් නැංවීමේ අරමුණින් පාසල්, විශ්ව විද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන තුල නව නිපැයුම් සංස්කෘතියක් බිහිකිරීම උදෙසා එම ආයතන තුල යොවුන් නව නිපැයුම් සමාජ පිහිටුවීම උදෙසා කොමිසම කටයුතු කරනු ලබයි. ඒ අනුව කොමිසම විසින් 2019 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුල නව නිපැයුම් සමාජ 200කට අධික ප්‍රමාණයක් පිහිටුවා සක්‍රීයව පවත්වාගෙන යනු ලබයි.

මෙම කාර්යභාරය සාර්ථකව ඉටු කරගැනීම සඳහා “සස්නක සංසද පදනම”, කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට එකඟතාවය පලකල අතර ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡා වට කිහිපයක්ම මේ වන විට පවත්වා ඇත. සස්නක සංසද පදනම සමඟ එක්ව නව නිපැයුම්කරණය පාසල් තුල ව්‍යාප්ත කිරීම වඩාත් කාර්යක්‍ෂම මුහුණුවරකින් ඉදිරියට ගෙනයාම කොමිසමේ අරමුණ වේ.

        

SLAAS / SLIC Conference on “From Innovation to Impact”

Sri Lanka Association for the Advancement of Science (SLAAS), is the premier body of scientists (basic, applied and social sciences) responsible for advancing and promoting science in the country. Sri Lanka Inventors Commission (SLIC) focuses on encouraging Sri Lankan inventors to make known their inventions. SLAAS will partner with SLIC in this conference to encourage and promote innovation by providing an opportunity for scientists to showcase their research on R&D and on social innovation, on a road map for positive change.

R & D entails basic research, applied research, and development (design and development of prototypes and processes). Innovation created in the R&D sectors enables sustainable economic growth. Conversely, social innovation is defined as a concept that can help civil society meet its social needs such as education, community development and health. It deals with improving the welfare of individuals and community through employment, consumption or participation, to provide solutions for individual and community problems. Social innovation adds an important social element to science and technology, such that for example a product will fit societal needs very well. It also increases the value of the innovation i.e. renewal of science and technology that provide economic and social benefits.

The conference in the morning session will entail talks by renowned experts in the fields of R&D innovations and of social innovation towards economic growth, while the technical/scientific sessions will be held in the afternoon session. Depending on the number of accepted papers, parallel sessions may be held on R&D innovation and on social innovation.

For more details: https://www.slaas.lk/fiti2020

Wildlife field visit

මිනිසුන් හා වන ජීවීන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් දේශීය ආර්ථිකයට සිදුවන හානිය අති මහත්ය. එතකුදු නොව වටිනා මිනිස් ජීවිත මෙන්ම වන ජීවීන් ද විශාල ප්‍රමාණයක් වාර්ෂිකව පරිසර පද්ධතියට අකාලයේ අහිමි වේ. මෙම ගැටලු සඳහා නව නිපැයුම් තුලින් විසඳුම් ලබා දෙමින් දේශීය ආර්ථිකය නගාසිටුවන අතරතුර වන ජීවීන් ද අප පරිසරයේ සමාන කොටස්කරුවන් බව සමාජයට ඒත්තු ගැන්වීම/ සිහිපත් කරවීම තුලින් මිනිසුන් හා වන ජීවීන් අතර ඇතිවන ගැටුම් සඳහා දිගු කාලීන හා තිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි පළමු ක්ෂේත්‍ර චාරිකාව අගෝස්තු මස 23 සහ 24 දෙදින ගල්ගමුව, කරුවලගස්වැව සහ මහකුඹුක්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් සිදුවිය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කල මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ස්වාධීන රූපවාහිනී නාලිකාව, ජාතික මුලික අධ්‍යයන ආයතනය ඇතුලු ආයතන කිහිපයක නියෝජිතයින්ගේ සහ කොමිසම මඟින් හඳුනාගත් නව නිපැයුම්කරුවන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුවිය. මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ නව නිපැයුම් තුලින් විසඳුම් ලබාදීම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අපේක්ෂාව වේ.

1 1 3

Donation of SLIC funded invention, SEMI AUTOMATED TELEPRESENCE ROBOT

Donation of SLIC funded invention, SEMI AUTOMATED TELEPRESENCE ROBOT to National Hospital for Respiratory Diseases, Welisara, Ragama under project- Fight Against COVID -19

The team of inventors consisting Eng Sahan C. Ranasinghe,Eng. Anuruddha Tennakoon  and Eng. Buddhika Marasinghe donated the invention Semi Automated Telepresence Robot to National Hospital for Respiratory Diseases, Welisara, Ragama which was funded by SLIC under project- Fight Against COVID -19.

This is a Semi Automated Telepresence Robot for indoor transportation for deliver meals, drugs, and garbage collection and for patient interview in covid-19 wards, suspect patients’ wards and Can be used for wards which are patients with other infectious diseases. In addition to that, this is suitable for manufacturing plants and warehouses. This robot can be used as a remote control or run on automated guided path. But you can override anytime. It has obstacle detection sensors and mechanical dampers to avoid collision. Also most importantly it has a camera and display for Video conferencing facility to communicate with patients. Health care staff can monitor or interview the patients and get the feedback about their symptoms immediately with less exposursity of medical staff to covid-19 patients.