ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC)

"ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, කොරෝනා වසංගතය මැඩලීම සදහා වඩාත් සක්‍රීය දායකත්වක් ලබා දෙමින් ජාතික වගකීම ඉටුකරලීමෙහි ලා පෙරමුණ ගනී"

ශ්‍රි ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර මහතා කොරෝනා  වසංගතය ශ්‍රී ලංකාවේ මුලුගැන්වෙමින් තිබූ නවෝත්පාදනයන් යලි පණගැන්වීම කෙරෙහි බලපෑ ප්‍රබල ආශිර්වාදය පිළිබඳව සිදුකල විග්‍රහය.

ශ්‍රී ලංකා නැනෝතාක්ෂණික ආයතනය (SLINTEC)

ශ්‍රද්ධා ටීවී - SLINTEC විෂබීජ නාශක මුහුණු ආවරණය

shaddaවිෂබීජ නාශක ආලේපන ගෝලීය ව්‍යාධිජනකයින් අවම කිරීමේ උපාය මාර්ගයේ මූලික අංගයක් ලෙස පෙරමුන ගනිමින් තිබේ. SLINTEC කණ්ඩායම විනිවිද පෙනෙන ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ආලේපනයක් නිපදවා ඇති අතර පෘෂ්ඨයක සෞන්දර්යාත්මක පෙනුමට හානියක් නොවන පරිදි විවිධ පෘෂ්ඨයන් සඳහා යෙදිය හැකිය. වැදගත්ම දෙය නම්, මෙම තාක්ෂණය ආලේපිත පෘෂ්ඨයේ මෙන්ම අවට වාතයේද රෝග කාරක තුරන් කරයි. ASTM සහ ISO ප්‍රමිතීන්ට අනුව තීන්ත වල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය හොඳින් පරීක්ෂා කර ඇති අතර ප්‍රතිවෛරස් පරීක්ෂණය අඛණ්ඩව සිදු වෙමින් පවතී. කෙසේ වෙතත්, අත්දැකීම් හා දැනුම අනුව, වෛරස් හායනය බැක්ටීරියා හායනයට වඩා ඉහළ තලයකින් සිදු විය යුතුය (වෛරසයට බැක්ටීරියා වලට වඩා ප්‍රාථමික සෛල ව්‍යුහයක් ඇත) SLINTEC සතු තාක්‍ෂණය දැන් සිංගප්පූරුවේ අයිපීඅයි (ගෝලීය තාක්ෂණික හුවමාරුව වේදිකාව) හි හිමිකම් බලපත්‍ර ලබා ගැනීම සඳහා ලයිස්තු ගතව ඇත. (වැඩි විස්තර සඳහා පහත සබැඳිය භාවිතා කරන්න)

අපගේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ සාමාන්‍ය ජනතාවට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රද්ධා ටීවී විසින් දැනටමත් “මවුබිම වෙනුවෙන් එක්වෙමු“ යනුවෙන්  පුණ්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.. මෙම වැඩසටහන යටතේ ඔවුහු කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා වෛද්‍යවරුන් වෙත පරිත්‍යාග කිරීම සඳහා සරල මුහුණු ආවරණයක් සකස් කිරීමට පටන් ගත්හ. මෙම මුහුණු ආවරණ ව්‍යාපෘතිය ගැන දැනගත් පසු, ජාතික සේවාවක් ලෙස, SLINTEC කණ්ඩායම විසින් මෑතකදී සංවර්ධනය කරන ලද විෂබීජ නාශක විනිවිද පෙනෙන තීන්ත ශ්‍රද්ධා රූපවාහිනියට ඔවුන්ගේ මුහුණු ආවරණයට යෙදීම සඳහා පරිත්‍යාග කරන ලදී. සාමාන්‍ය මුහුණු ආවරණයට වඩා හොඳ ආරක්ෂාවක් මෙම තීන්ත විෂබීජ නාශක හරහා ලබා දෙනු ඇත.

https://www.ipi-singapore.org/technology-offers/antimicrobial-transparent-coating-surfaces-and-surrounding-air?fbclid=IwAR24njFUFyOEBo1p1hpdI3BtNgxs7C9Z6c-i9DTTM0ROQhhBUA1qmljXgeU

ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC)

පාදයෙන් ක්‍රියාත්මක අත් සෝදනය - COVID-19 පැතිරීම වැලැක්වීමට කදිම පිළිතුරක්

පාදයෙන් ක්‍රියාත්මක ජල කරාමය - සාදන ක්‍රමය (PDF ලේඛනය)