විද්‍යා තාක්ෂණ ඉංජිනේරු විද්‍යා හා ගණිත අධ්‍යාපනය

තරඟ

අන්තර් පාසල්, රාජ්‍ය / ජාතික විද්‍යා හා ගණිත තරග / ඔලිම්පියාඩ් තරගාවලින් වලට සිසුන් සහභාගී කරවීම.
පාසැල් සිසුන්ට ගණිතය හා විද්‍යා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීම , දරුවන් සඳහා දිරි දීමනා, ප්‍රවර්ධනය වැඩසටහන් සහ තරග සඳහා සහභාගී වීමට දිරිමත් කිරීමට කටයුතු කිරීම. මෙම වැඩසටහන්වලට / තරඟ වලට, ගුරුවරු හා දරුවන් වඩාත් පුළුල් ලෙස සහභාගි කරවීම සහ සහභාගීත්වය සහතික කිරීම මෙන්ම තරගයකදී තරගකරුවන් ලෙස දරුවන්ගේ වැඩිවශයෙන් සහභාගී වීම.ඉහල සහභාගීත්වයක් තහවුරු කිරීම පිණිස මෙම වැඩසටහන් / තරඟ විමධ්‍යගත කිරීමද අවශ්‍ය වේ.

විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති හා තරඟ (SRPC)

සමාජ

දායකත්ව/විද්‍යා සංගම් සමාජිකත්ව/ කව

ස්වයං නිරීක්ෂණ, අත්හදා බැලීම් සහ විශ්ලේෂණය මත පදනම්ව දේශීය මාධ්‍ය තුල විද්යාත්මක සන්නිවේදන ලිපි ලිවීමට සිසුන් දිරිමත් කිරීම.

ශ්‍රී ලංකාවේ විද්වත් පර්යේෂණවල සාමූහික ප්‍රථිපල ගෝලීය දර්ශනය හා ප්‍රවේශය සඳහා ජාතික ඉ-ගබඩාව(National e-Repository) පිහිටුවා තිබේ.

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය


විදුනෙත වැඩසටහන

විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරමින් විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දු කරවීම සඳහා විදුනෙත වැඩසටහනේ අරමුණ වනුයේ පාසැල් දරුවන්ට පර්යේෂණ ව්‍යපෘති මෙහෙයවීමයි. මෙම වැඩසටහන සඳහා ඉලක්ක කණ්ඩායම කණිෂ්ඨ හා ද්විතීයික ශ්‍රේණි (6-9 ශ්‍රේණියේ) පාසල් සිසුන් සහ ගුරුවරුන් වේ. අධ්‍යාපන අමාත්‍යංශයේ පළාත් සම්බන්ධීකාරකවරුන් සමඟ සහයෝගීතාවයෙන් කලාපීය වැඩමුළු පවත්වනු ලැබේ. පාසැල් දරුවන් අතර විද්‍යාත්මක සංකල්ප ඉගැන්වීම හා විද්‍යාත්මක චින්තනය සහ නිර්මාණශීලිත්වය උත්තේජනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.