shilpa sena12විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රය සහ සාමාන්‍ය පොදු ජනතාව අතර පවතින දුරස්ථ බව අවම කර එම ක්ෂේත්‍රයන් ජනතාවට වඩාත් සමීප කරවීමේ අරමුණ ඇතිව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත ශිල්ප සේනා වැඩසටහනේ මෙහෙයුම් ආකෘතිය නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ අනුබද්ධ ආයතන වල ප්‍රධානීන් සහභාගී වූහ.

russi12ශ්‍රී ලංකාවේ ක්‍රිසොටයිල් ඇස්බැස්ටස්හි සුරක්ෂිත භාවිතය පිළිබඳ නිශ්චය කරනු පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ රුසියාවේ යූරල් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් ක්‍රියාකාරී කණ්ඩායමක් ස්ථාපනය කරනු ලැබිණි. මෙම කණ්ඩායමේ 4වන සැසිය 2019 ජනවාරී 7-11 දක්වා කොළඹදී පැවැත්වේ. එම සැසිය අතරතුර, ගරු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මැතිතුමා විසින් මෙම ක්‍රියාකාරී කණ්ඩායම හමුවී එහි වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධූරයට පත් ගරු සුජීව සේනසිංහ මැතිතුමා අභිනව තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කිරීම 2018.12.28 වන දින පෙරවරුවේ සර්ව ආගමික ආශීර්වාද මධ්‍යයේ සෙත්සිරිපාය පළමු අදියරෙහි පිහිටි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ දී සිදුවිය. මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායකතුමා, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ..

Hon.Minis Assu Duty P1

 Hon.Minis Assu Duty P2

 Hon.Minis Assu Duty P3

 

china12කාර්මික තාක්ෂණ ආයතනය, චීනයේ යුනාන් ග්‍රාමීය විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානයේ සහයෝගීතාවයෙන් ස්ථාපනය කෙරෙන ඒකාබද්ධ ජෛවතාක්ෂණ විද්‍යාගාරය පිළිබඳ අවබෝධතා ගිවිසුමෙහි වත්මන් ප්‍රගතිය විමසමින් එම දෙපාර්ශ්වයේ නියෝජිතයන් සමග විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මැතිතුමා විසින් සාකච්ඡා කරන ලදි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස චින්තක එස්. ලොකුහෙට්ටි මහතා අද පෙරවරුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේය. 1990 දී හබරාදුව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස පරිපාලන සේවයට එක්වූ ලොකුහෙට්ටි මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, ජාත්‍යන්තර වෙළඳ යන අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක රාජකාරි කර ඇති අද්දැකීම් පරිපූර්ණ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වේ.

Secretar Assum Duty P1

Secretar Assum Duty P2