පසුගිය අප්‍රේල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයකදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා නව පුපුරන ද්‍රව්‍ය යොදාගෙන ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන ආරක්ෂක අංශ හඳුනාගෙන තිබේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය, සුජීව සේනසිංහ මහතා විසින් 2019 මැයි මසදී ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි සිදුකළ සංචාරය අතරතුර දී, යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයේ (CERN) නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර, අමාත්‍යවරයා එහි දී, ශ්‍රී ලංකාව CERN ආයතනය සමග දැනට ක්‍රියාත්මක කරනු ලබන සහයෝගීතා වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවල නිරත විය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන, ජාතික පර්යේෂණ සභාව ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රය සවිබල ගැන්වීමේ කාර්යය සඳහා රාජ්‍ය අරමුදල් සපයා දෙන ප්‍රමුඛ ආයතනයක් වන  වසර 1999 දී පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද මෙම ආයතනයට 2019 මැයි මාසයේ දී වසර විස්සක් සපිරේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන සංවර්ධනය සඳහා වූ විද්‍යා හා තාක්ෂණ කොමිසමෙහි (CSTD) 22 වන සැසිය සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටියි. මෙම සැසිය 2019 මැයි 13 සිට 17 දක්වා පැවැත්වේ.

ක්‍රේම්බිජ්, මැසචුසෙට්හි, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානය (CID) විසින් 11 වන වරට සංවිධානය කරනු ලබන, වාර්ෂික ගෝලීය සවිබලගැන්වීමේ සමුළුව (GEM 19) සදහා  සිව්වැනි වරටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මැතිතුමා සහභාගී වේ.