ජාතික විද්‍යා සතිය නොවැම්බර් 10 -16 ...

01 min“National Innovation Mission - හීන වලට පණ දෙන වර්තමානය” තේමා කර ගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ජාතික විද්‍යා දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (10 දින) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මෙම සැමරුම් උත්සවයේ දී, ප්‍රධාන අංගය ලෙස ජාතික නවෝත්පාදන මෙහෙයුම දියත් කිරීම සිදු වූ අතර,  සහසක් නිමැවුම් - 2020 නව නිපැයුම් තරගාවලියේ විශිෂ්ඨයින්ට දසිස් සම්මාන පිරිනැමීම සහ නර්ඩ් ආයතනයෙන් නිර්මාණය කළ කාලීනව වැදගත් සාර්ථක නව නිර්මාණයක්  නව ඔක්සිජන් සාන්ද්‍රකය එළි දැක්වීමද මෙහි දී සිදු කෙරිණි. ඒ සමගම ජාතික විද්‍යා දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික විද්‍යා සතියේ  සමාරම්භය ද සනිටුහන්  වූ අතර එය  නොවැම්බර් 10 -16 දක්වා පැවැත්වේ.

"සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව තාක්ෂණය පදනම් කරගත් සමාජයක්” තුළින් ශ්‍රී ලංකාව නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ඉලක්කය ජය ගැනීමට දායක වීමේ පියවරක් ලෙස National Innovation Mission - ජාතික නවෝත්පාදන ජාතික නවෝත්පාදන මෙහෙයුම (NIM) දියත් කරන ලද අතර, එය විද්‍යාව හා තාක්ෂණවේද නව්‍යකරණය, පාරිසරික නව්‍යකරණය, සමාජ නව්‍යකරණය, සේවා නව්‍යකරණය සහ ආරක්ෂක නව්‍යකරණය යන ප්‍රධාන තේමා පහ ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. මෙය නව නිපැයුම්කරුවන් සඳහාම ක්‍රියාත්මක කෙරෙන ජාතික වැඩසටහනකි. එම මෙහෙයුම යටතේ සිදු කෙරෙන පාසල් සිසුන් සඳහා නවෝත්පාදන විද්‍යාගාර ජාලයක් සථාපිත කිරීම සංකේතවත් කරමින් පළාත් මට්ටමින් තෝරාගත් පාසල් නවයක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සහ උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපතිතුමන් අතින් ජාතික විද්‍යා දිනයේ දී සිදුකෙරිණි.

ජාතික විද්‍යා දිනය සහ ඊට සමගාමීව ජාතික විද්‍යා සතිය සැමරීමේ අරමුණු වන්නේ,

  • තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට හැකි දැනුවත් සමාජයක් නිර්මාණය කිරීමට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යභාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
  • සමාජ සංවර්ධනය උදෙසා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ භාවිතාවන් වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම.
  • දිළිඳු බව තුරන් කිරීමට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ලබා දීම.
  • විද්‍යා හා තාක්‍ෂණ ක්ෂේත්‍රයේ මැදිහත්වීම් සහ ජාතික සංවර්ධනය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම  යනාදියයි.

ජාතික විද්‍යා සතිය තුළ අමාත්‍යාශය සහ එය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධ ආයතන වල මෙහෙයවීමෙන් විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන  ක්ෂේත්‍රයේ ප්‍රගමනය ඉලක්ක කර ගත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.  සතිය තුළ එක් දිනක් එක් සුවිශේෂී ප්‍රධාන තේමාවක් වෙනුවෙන් වෙන් කරගනිමින් ජාතික විද්‍යා සතිය ක්‍රියාත්මක වේ. ඒ අනුව නොවැම්බර් 10 - 16 සතිය පිළිවෙලින් ජාතික විද්‍යා දිනය, නවෝත්පාදන දිනය, අභාවකාශ තාක්ෂණ දිනය, පේටන්ට් දිනය, බලශක්ති දිනය, නව නිපැයුම් ප්‍රවර්ධන දිනය, විද්‍යාව ප්‍රචලිත කිරීමේ දිනය ලෙස නම් කර තිබීම විශේෂත්වයකි. එම දින වලදී, තේමාවට අදාල ප්‍රධාන වැඩසටහනක් සහ සමගාමී වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, දීපා ලියනගේ යන මහත්ම මහත්මීන්, විදේශීය තානාපතිවරුන්, විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

View more photos >>

පර්යේෂණ ප්‍රතිපල පුළුල් වාණිජකරණ මට්ටමකට ගෙන ඒමට  සහයෝගය ලබා දෙන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කළා ය. එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවා ය.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී එම ආයතනයේ විද්‍යාඥයින් විසින් ආයතනයේ ගමන්මග පිළිබඳවත්, මේ වන විට සිදුකරමින් පවතින පර්යේෂණ  සහ නිමා කරන ලද පර්යේෂණයන් පිළිබදවත් ගරු අමාත්‍යතුමිය දැනුවත් කළහ, අමාත්‍යතුමිය විසින් මේ කරුණු පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කළ අතර අදාල පර්යේෂණාගාරයන් දීර්ඝ ලෙස නිරීක්ෂණය කළා ය. මෙම ආයතනයේ විද්‍යාඥයින් මහත් පරිශ්‍රමයකින් සිදු කරන ලද අදාල පර්යේෂණයන්ගෙන් නිසි ඵල රටට ලබා ගැනීමට නම් එම නිෂ්පාදන සඳහා වාණිජමය වටිනාකමක් ලබාදීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යතුමිය ඒ සඳහා ඇති ගැටළු නිරාකරණය කරමින් ඒවා පුළුල් වාණිජකරණ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබා දෙන බව ද ප්‍රකාශ කළා ය.

මෙහිදී  වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය මෙසේ ද, පැවසුවාය. “පර්යේෂණ, නව නිපැයුම් සහ තාක්ෂණ භාවිතයට  වැඩි අවධානයක් යොමු කිරීම රටක ආර්ථික දියුණුවේ හැරවුම් ලක්ෂය යි. ඒ තීරණය ගත් තැන සිට ඒ රටවල් වෙනස්වීමේ, දියුණවීමේ ආරම්භය සනිටුහන් වෙනවා. රටේ ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී අප අමාත්‍යාංශයේ කාර්යභාරය ඉතා වැදගත්. එම කාර්යභාරය උපරිමව සිදුකිරීමට සියළු ආයතන මනා කළමනාකරණයකින් එකමුතුව කටයුතු කිරීම අවශ්‍යයි. ඒ නිසා ඉදිරි වසරේ දී රටේ ජාතික ආර්ථික සංවර්ධන ඉලක්ක ජය ගැනීමට මෙම පර්යේෂණ ආයතන වල දායකත්වය උපරිමව ලබාගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළබඳව අවබෝධයක් ලබාගැනීමට විශේෂ අධ්‍යයනයක් අපි සිදු කරගෙන යනවා. මෙම ආයතනයේ අධ්‍යයනය ද අපි අද දින සිට ආරම්භ කරනවා. ”

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සභාපති, මහාචාර්ය අතුල සුමතිපාල, අධ්‍යක්ෂ, මහාචාර්ය සමන් සේනවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

1235

තවත් පින්තූර බැලීමට මෙහි ක්ලික් කරන්න >>> 

phoca thumb l 503A3153බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ජනතාව මුහුණ දෙන සමාජ ගැටලුවක්ව පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ විසඳීම් සෙවීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ වනජීවී  රාජ්‍ය අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දින විෂය බාර රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සහ විමලවීර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සීතා අරඹේපොල අමාත්‍යවරියගේ උපදෙස් මත එම අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ ආයතන මෙරට පොදු ජනතාව මුහුණ දෙන සමාජ ගැටලු වලට විද්‍යාත්මක පර්යේෂණ දැනුම මගින් විසඳුම් සෙවීමට ඉදිරිපත්ව සිටී. ඒ අනුව අලි මිනිස් ගැටුමට ප්‍රායෝගික විද්‍යාත්මක විසඳුම්   තිරසාර ලෙස යොදා ගැනීම පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මත වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ජාතික මූලික අධ්‍යයන ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, මේ වන විටත් මේ පිළිබඳව පර්යේෂණ ගණනාවක් සිදු කෙරෙමින් පවතින අතර, ඉන් කිහිපයක සාර්ථක නියමු පරික්ෂාවන්ද සිදුකර තිබේ. ඉදිරියේ දී මෙම පර්යේණයන් තවත් පුළුල් කොට මෙම ගැටලුවට විද්‍යාත්මක විසදුම් ලබා දීම සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ තාක්ෂණික සහයෝගය ලබාගැනීමට නියමිතය.

වන අලි ගම් වලට පැමිණීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අවශ්‍ය ආහාර සහ ජලය ප්‍රමාණවත්ව නොමැති වීම බවත් ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කොට ඔවුන් වනජීවී සීමාවන්ට කොටු කළ හැකිනම් මෙම ගැටලුවෙන් 50% ක පමණ ප්‍රතිශතයක විසඳුම් ලැබෙන බවත් මෙහි දී ප්‍රකාශ විණි.  වනය තුළ ඇති කුළු වැව් ප්‍රතිසංස්කරණය කර එම කුළු වැව් මගින්  මහ වැව් පෝෂණය කරන පැරණි ක්‍රමය නැවත ස්ථාපිත කිරීමත්, අලින්ට ආහාර පිණිස වේගයෙන් වර්ධනය වන දේශීය තෘණ වර්ග හඳුනාගෙන එම වගාවන් ඇති කිරීමත් පිළිබඳව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් පර්යේෂණයන්හි නිරත වේ.

නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ මූලිකත්වයෙන් සාම්ප්‍රදායික අලි වැට වෙනුවට ඉහල කාර්යක්ෂමතාවක් සහිත එල්ලෙන අලිවැටක්, අලියාට විනාශ කළ නොහැකි ලෙස වැඩි දියුණු කළ වැට කණුවක්, පාලනය කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු ප්‍රචණ්ඩකාරී ලෙස හානි සිදුකරන අලි සඳහා පැළඳිය හැකි විශේෂ සංඥා ලබාදෙන කොලර් සිස්ටම් එකක් නිර්මාණය කර ඇති අතර කරුවලගස්වැව, උඩවලව සහ අම්පාර ප්‍රදේශවල එහි නියමු පරීක්ෂාවන් ද සිදුකර තිබේ. වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම වෙනුවෙන් මංජු ගුණවර්ධන මහතාගේ ද මග පෙන්වීම ඇතිව දුම්රිය දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සාර්ථක ඩ්‍රෝන තාක්ෂණික යෙදවුමක් ද නිර්මාණය කර තිබේ. කාර්මික තාක්ෂණ ආයතනය මගින් වන අලි ප්‍රහාර වලින් ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සන්නිවේදනය පදනම් කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.

මෙහි දී අදහස් දැක්වූ ඇමතිනී සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කළේ මෙම ගැටලුව විසඳීමට අප අමාත්‍යාංශයත්, වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයත්, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආදී ආයතනත් එකට එක්වීම තුළින්  ගැටුම්  ඇතිවීම වළක්වා ගනිමින් සාර්ථක විසඳුම් සෙවීම පහසු වන බවයි. එසේම මෙම සමාජ ගැටලුවට විසඳුම් සෙවීමේ දී ප්‍රමුඛතාව ලබාදිය යුතු ප්‍රදේශ හඳුනාගනිමින් නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කළ යුතු බව ද ඇය පෙන්වා දුන්නා ය.

මූල්‍යමය හා නීතිමය ගැටලු ද විසඳාගනිමින් දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට උත්සාහ කරන බවත්, සාමූහික ප්‍රයත්නයක් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව විශ්වාස කරන බවත් විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා, අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, වනජීවී රැකවරණ හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

තවත් ඡායාරූප බැලීමට මෙතන ක්ලික් කරන්න >>

phoca thumb l 503A3126   Copyපර්යේෂණ ආයතන සතු විද්‍යාත්මක දැනුම ගමට ගෙන ගොස් ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ මැටි, පිත්තල, වේවැල්, ලී ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ පිළිබඳව දෙපාර්ශ්වය අතර අවබෝධය ගොඩනැගීමේ විශේෂ සාකච්ඡාවක් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ සහ ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සාම්ප්‍රදායික දේශීය කර්මාන්තකරුවන් සඳහා නූතන තරඟකාරී වෙළඳපොළ ඉල්ලුමට ගැළපෙන ගුණාත්මක නිෂ්පාදන බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම ඒකාබද්ධ වැඩසටහනේ අරමුණ බවත්, ග්‍රාමීය කර්මාන්තකරුවන් යොදාගන්නා සම්ප්‍රදායික අමුද්‍රව්‍ය වලට විද්‍යාත්මක පර්යේෂණ හරහා අගය එකතු කිරීම, ඒ  තුළින් නව නිර්මාණ බිහි කිරීම, නූතන තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර නිර්මාණය ආදිය වැඩසටහනේ දී සිදු කෙරෙන බවත් මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කෙරිණි.

ප්‍රමුඛතාව ලබාදිය යුතු වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකි ව්‍යාපෘති කිහිපයක් මෙහි මූලික අදියරේ දී ක්‍රියාත්මක  කෙරේ. ඒ අනුව වේවැල්, මැටි, කෙඳි වර්ග සහ දැව ආශ්‍රිත නිෂ්පාදන  සඳහා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජිතය. සම්ප්‍රදායික කර්මාන්තකරුවාට ගැලපෙන, ඔවුන්ට දරාගත හැකි ආකාරයට තාක්ෂණික ක්‍රමවේද සමීප කරවීම, විවිධ පරිමාණයන්ගෙන්  කර්මාන්ත ගොඩනැංවීම, අපතේ යාමකින් තොරව අමුද්‍රව්‍ය කාර්යක්ෂමව යොදාගැනීම ඇදිය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සහ කාර්මික තාක්ෂණ ආයතනය ද, අමාත්‍යාංශය මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සමග එක්ව ක්‍රියාත්මක කරන දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානය (TDIC) සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය (TPIC) ද,  ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාව, ලක්සල සහ  ජාතික මෝස්තර මධ්‍යස්ථානය මෙම වැඩසටහන සඳහා එක්වීමට නියමිතය.

මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, එන්.එච්.එම්.චිත්‍රානන්ද, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, එම්.ඒ.බි.වී. බණ්ඩාරනායක, යන මහත්වරුන් අනුබද්ධ ආයතන වල ප්‍රධානීන් ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.

තවත් ඡායාරූප බැලීමට මෙතන ක්ලික් කරන්න >>

phoca thumb l 503a2883අභ්‍යාවකාශ තාක්ෂණයන් හා සබෑඳි කාර්යයන් සිදුකරන මෙරට ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන මොරටුව කටුබැද්ද පිහිටි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක්  ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල  මහත්මිය අද දින සහභාගී වූවා ය. මෙම නිරීක්ෂණ චාරිකාවේ දී, ආයතනයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ආයතනික ගැටළු පිළිබඳව නිළධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළා ය. මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරිය ප්‍රකාශ කළේ අපේ විද්‍යාඥයින්ගේ කැපවීම ඉතා විශිෂ්ඨ බවත්, ඉන් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට පර්යේෂණ ආයතන කළමනාකරණය කරමින් මනා සම්බන්ධීකරණයක් පවත්වා ගතයුතු බවයි. ඒ සඳහා තමා නායකත්වය ලබාදෙන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

තවත් ඡායාරූප බැලීමට මෙතන ක්ලික් කරන්න >>