දැක්ම
Under construction
මෙහෙවර
Under construction
අමාත්‍යාංශයේ අරමුණු
- ප්‍රමිති සහ ප්‍රතීතනය
- තාක්ෂණ පැවරුම් සහ වාණිජ්‍යකරණය
- ඉල්ලුම අනුව මෙහෙයවනු ලබන පර්යේෂණ ව්‍යාප්ත කිරීම සදහා ක්‍රියාමාර්ග යොදා ගැනීම
- විද්‍යා නව්‍යකරණ සහ තාක්ෂණවේද ජනප්‍රියකරණය
ඉල්ලුම අනුව මෙහෙයවනු ලබන පර්යේෂණ, පර්යේෂණ, පර්යේෂණ වාණිජ්‍යකරණය, නව නිෂ්පාදන සහ නව්‍යකරණ ප්‍රවර්ධනය, ප්‍රමිති සහ සහතිකකරණය ආදියේ නියුක්ත වීමට විශේෂයෙන්ම රාජ්‍ය පර්යේෂණ ආයතනයන්ට මග පෙන්වීමට හැකිවීම මගින් ජාතික සංවර්ධන ඉලක්ක සඳහා දායකවීමේදී තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරයි. මෙම කාර්ය ඉටුකිරීම සඳහා, පර්යේෂණ, පර්යේෂණ අනාවරණ සහ සංවර්ධන ප්‍රමුඛතා වෙත ඉහළම ප්‍රමුඛත්වය ලබා දීම අමාත්‍යාංශය නොකඩවා සිදුකරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (1)(ආ) වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් පවරනු ලැබූ විෂයයන් සහ කර්තව්‍ය පැවැරීම අනුව 2015 සැප්තැම්බර් 21 දිනැති 1933/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය වෙත පහත දැක්වෙන විෂයය සහ කර්තව්‍ය පවරනු ලැබීය.
- විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ විෂයයන්ට සහ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- අන්තර්ජාතික වශයෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂෙත්‍රවල සිදුවන පර්යේෂණයන්හි නව සොයා ගැනීම්වලට අනුගතවන පරිදි දේශීය පර්යේෂණ හ සොයාගැනීම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
- විද්‍යාත්මක, කාර්මික හා සමාජ, ආර්ථික පර්යේෂණ හා සංවර්ධන කටයුතු පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
- පර්යේෂණ හා පර්යේෂණ ආයතනවලට පහසුකම් සැපයීම තුළින් පර්යේෂණ සැලසුම් කිරීම හා මෙහෙයවීම.
- තොරතුරු, නැනෝ හා ජෛව තාක්ෂණයද ඇතුලුව නව පර්යේෂණ හා සොයාගැනීම්වලින් ලබාගන්නා ප්‍රතිඵල හා දැනුම ව්‍යාපාරික ප්‍රජාවද ඇතුලුව අදාළ පාර්ශවයන් වෙත ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- ප්‍රමිතීන් පැනවීම සහ පරිපාලනමය සම්බන්ධ කටයුතු
- වෙනත් අමාත්‍යාංශ විෂය පථය යටතේ ගැනෙන පර්යේෂණ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන පර්යේෂණ සඳහා තාක්ෂණික සහාය ලබාදීම
- නව සොයාගැනීම් සඳහා ප්‍රජාව යොමු කිරීම සහ පෙළඹවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- ඉදිකිරීම් කර්මාන්තය ප්‍රවර්ධනය, සංවර්ධනය සඳහා වූ පර්යේෂණ ක්‍රියාත්මක කිරීම
- අමාත්‍යාංශය වෙත පවරා ඇති ආයතනයන්ට පැවැරී ඇති අනෙකුත් සියලුම විෂයයන්ට අදාළ කටයුතු
- අමාත්‍යාංශය වෙත පවරා ඇති ආයතන අධීක්ෂණය කිරීම
අංශ
ආයතනයන්
- නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය
- ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය
- ජාතික මූලික අධ්‍යයන ආයතනය
- ජාතික පර්යේෂණ සභාව
- ජාතික විද්‍යා පදනම
- ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම
- ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA)