503A2616නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවා ය. ග්‍රහලෝකාගාරය නවීන තාක්ෂණයට අනුගතව වැඩි දියුණු කරමින් ඒ හරහා රට තුළ තාරකා විද්‍යා විෂය පිළිබඳ උනන්දුවක් ඇති කිරීමටත්, එහි නව මානයන් සහ නව දැනුම ගවේශනය සඳහා උපකාරී ආයතනයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව අමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළා ය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්, එන්.එච්.එම්.චිත්‍රානන්ද, අතිරේක ලේකම් (පර්යේෂණ) දීපා ලියනගේ, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ අරුණු පෙරේරා යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

තවත් ඡායාරූප බැලීමට මෙහි ක්ලික් කරන්න >>>