කළුලෑල්ලක් පමණක් උපයෝගි කරගෙන පැහැදිළී කිරිමට අපහසු තාරකා විද්‍යාත්මක සංසිද්ධි විස්තර කිරීමේ වඩාත්ම සඵල ක්‍රමවේදය සැපයීම මෙම අංශයේ වගකීම වන අතර ග්‍රහලෝකාගාර දර්ශන සහ ජංගම ග්‍රහලෝකාගාර ඉදිරිපත්කිරීම්, රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු වැනි එළිමහන් වැඩසටහන් සහ අභ්‍යවකාශ තො.තා. ඒකකයට සම්බන්ධ වීමට පහසුකම් සැපයිම මගින් විශ්වය පිළිබඳ වඩා පෘථුල දැනුමක් එය නරඹන්නන්ට සපයයි.