තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලාංකීය දැව හා දැව ආශ්‍රිත කර්මාන්තය උසස් තාක්ෂණික ගෝලීය අපනයන වෙළෙඳපොළ දක්වා රැගෙන යාමත්, නවෝත්පාදනය හරහා දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශිෂ්ඨත්ව මධ්‍යස්ථානයක් බවට මොරටු ප්‍රදේශය පත් කිරීමේ පළමු පියවර ලෙස මෙරටුව දැව කර්මාන්තයේ අනන්‍යතාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් “මොරටු ලී” සන්නාමය එළිදැක්වීම තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු තිලංග සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුබැද්ද, ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

ලාංකීය දැව කර්මාන්තය සඳහා අගය එකතු කිරීමේ අරමුණෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI), මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සහයෝගීතාවෙන් මෙම දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානය (TDIC) සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය (TPIC) ස්ථාපනය කිරීමට නියමිතය. මෙම මධ්‍යස්ථාන සාර්ථක අයුරින් ක්‍රියාත්මක වීමෙන් ශ්‍රී ලාංකීය දැව හා දැව පදනම් කරගත් නිෂ්පාදන හා නවෝත්පාදන නිර්මාණයන් තරගකාරී නවීන ගෝලීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට හැකියාව උදාවන අතර, ශ්‍රී ලාංකීය දැව කර්මාන්තයේ උන්නතිය සඳහා අංග සම්පූර්ණ සේවා සපයන මධ්‍යස්ථාන ලෙස ද මේවා ඉදිරි අනාගතයේ දී ක්‍රියාත්මක වනු ඇත.

9 11

තවත් පින්තූර බැලීමට >>