තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය සමග එක්ව, ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ සහ ජපාන පේටන්ට් බලපත්‍ර කාර්යාලයේ සහයෝගීතාවෙන් සංවිධාන කළ පේටන් බලපත්‍ර සෙවීම පිළිබඳ නිපුණතා සංවර්ධන සහ පුහුණු වැඩමුළුව අද දින තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ලෝක බුද්ධිමය දේපල කාර්යාලය විසින් 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී ආරම්භ කරනු ලැබූ වසර 6ක කාල සීමාව කින් යුතු Enabling IP Environment (EIE) ව්‍යාපෘතිය යටතේ මෙම වැඩමුළුව සංවිධාන කෙරිණි. බුද්ධිමය දේපළ පිළිබඳ ප්‍රතිපත්ති සංවර්ධනය, තාක්ෂණික බලපත්‍ර ලබාදීම, තාක්ෂණික ඇගයීම, අලෙවිකරණය යනාදිය ඇතුළත් බුද්ධිමය දේපළ මත පදනම් වූ තාක්ෂණ පැවරුම් පිළිබඳ පුහුණු වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුකෙරේ.

Patent 5 RePatent 7 RePatent 8 RePatent 11 Re