මෙරට විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පිළිබඳ ප්‍රමුඛතම ප්‍රතිපත්ති සම්පාදන හා උපදේශන ආයතනය ලෙස සැලකෙන උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා හා තාක්ෂණ කෙමිෂන් සභාවේ (NASTEC)   නව සභාපතිනිය ලෙස පත් වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය අද දින (16) මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනය මධ්‍යයේ සිය ධූරයේ නිල රාජකාරි ආරම්භ කළාය. තාක්ෂණ හා නවෝත්පාදන ගරු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල, අමාත්‍ය මණ්ඩල ලේකම් එස්. අමරසේකර, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි යන මහත්වරුන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ  උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සර ඇති මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය මීට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වැනි ධූරවල ද කටයුතු තිබේ.

NASTEC 1 ReNASTEC 10 ReNASTEC 2 ReNASTEC 6 Re