උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම වාර්ෂිකව සංවිධානය කරන ජාතික විද්‍යා පදනම් සම්මාන උළෙල - 2018 පසුගිය දින (18) උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජාතික විද්‍යා පදනම විසින් ප්‍රදානය කරනු ලබන පර්යේෂණ අරමුදල් මත සිදුකරන ලද පර්යේෂණ අතරින් විද්‍යා ප්‍රගමනයට කැපීපෙනෙන දායකත්වයක් සැපයූ විශිෂ්ට පර්යේෂකයන් ඇගයීමත් සහ විද්‍යාත්මක පර්යේෂණයන්හි දී ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට තරගකාරීව පර්යේෂණ ප්‍රදාන ලාභීන් අභිප්‍රේරණය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සම්මාන ප්‍රදානය වාර්ෂිකව සංවිධාන කෙරේ.

මෙම උළෙලේ දී, ප්‍රධාන වශයෙන් යෝජනා ක්‍රම හතරක් යටතේ සම්මාන පිරිනමනු ලබයි. ජාතික විද්‍යා පදනම් පර්යේෂණ සම්මාන, ජාතික විද්‍යා පදනම් තාක්ෂණ සම්මාන, ලෝක විද්‍යා ඇකඩමිය සහ ජාතික විද්‍යා පදනම එක්ව පිරිනමණු ලබන තරුණ විද්‍යාඥයාට හිමි සම්මානය සහ පර්යේෂණ උපාධි අධීක්ෂණය සඳහා වන සහය යෝජනා ක්‍රමය යන හතර යටතේ පර්යේෂණ 26 ක් සඳහා මෙහිදි සම්මාන පිරිනමනු ලැබීය. ජාතික විද්‍යා පදනම් පර්යේෂණ සම්මාන කාණ්ඩය යටතේ එම පදනමේ අරමුදල් මත ක්‍රියාත්මක පර්යේෂණ ව්‍යාපෘති වලින් විශිෂ්ට ඇගයීමට ලක්වූ ඉංජිනේරු විද්‍යා, සෞඛ්‍ය විද්‍යා, ජෛව තාක්ෂණ මූලික විද්‍යාව සහ පරිසරය හා ජෛවවිවිධත්වය යන අංශ යටතේ සම්මාන 5 ක් පිරිනමන ලදි. නවෝත්පාදන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමෙහිලා තාක්ෂණ ප්‍රදානලාභීන්ගේ දායකත්වය ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් තාක්ෂණ සම්මාන කාණ්ඩය යටතේ සාර්ථකව නිම කළ එක් ව්‍යාපෘතියක් සඳහා ප්‍රශංසාත්මක සහතිකයක් ප්‍රදානය කෙරිණි. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ තම පර්යේෂණ කටයුතු විශිෂ්ට මට්ටමක පවත්වා ගනු ලැබූ තරුණ විද්‍යාඥයින් වෙනුවෙන් ලෝක විද්‍යා ඇකඩමිය සහ ජාතික විද්‍යා පදනම එක්ව පිරිනමණු ලබන තරුණ විද්‍යාඥ සම්මානයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා පිදුම් ලැබීය. ජීව විද්‍යාව රසායන විද්‍යාව ගණිතය සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ තම පර්යේෂණ කටයුතු විශිෂ්ට මට්ටමක පවත්වා ගනු ලැබූ තරුණ විද්‍යාඥයින් සඳහා මෙම සම්මානය වාර්ෂිකව පිරිනමනු ලබන අතර ව විද්‍යා විශේෂ විද්‍යාඥයකු විසින් එම සම්මානය මේ වසරේදී දිනාගනු ලැබීය. විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි හදාරන සිසුන් අධීක්ෂණය කරනු ලබන විද්‍යාඥයන් ඉංජිනේරුවන් අභිප්‍රේරණය කිරීම හා පශ්චාත් උපාධි පර්යේෂණ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීමට විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන දිරිමත් කිරීම අපේක්ෂිතව සම්මාන උළෙලේදී අධීක්ෂක කණ්ඩායමක් 12 ක් වෙනුවෙන් සම්මාන පිරිනැමිණි.

පර්යේෂණවල ප්‍රතිලාභ යන තේමව යටතේ සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් රණසිංහ මහතා විසින් පවත්වන ලදි. මෙහි දී අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධන අමාත්‍යතුමා මෙසේ පැවසීය. “දළ දේශීය නිෂ්පාදිතයෙන් පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කළ යුතුය යන මතයේ ජනාධිපතිතුමා ඇතුළු රජය සිටිනවා. අත්දැකීම් රාශියක් සහිතව එතුමා විශ්වාස කරනවා මානව සම්පත් සංවර්ධනය තුළින් ලබන ඵලය රටේ සංවර්ධනයට ඉවහල් වන බව. මේ රට සංවර්ධිත තත්වයට ගෙන ගොස් ජන ජීවිතය ඉහළ නැංවිය හැකි වෙන්නේ නව තාක්ෂණය, නවෝත්පාදන හා නව සිතුම් පැතුම් සහිත ආර්ථික ක්‍රමයක් තුළින් පමණයි. ඒ නිසා ඉදිරියේ දී කෙටි කාලයක් තුළ රජයෙන් ප්‍රතිපාදන සැපයීමේදී වෙනත් අංශ වලට වඩා, විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදන හා පර්යේෂණ ක්ෂේත්‍ර වලට ප්‍රමුඛතාව ලබාදී වැඩිම සම්පත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරනවා. එහි ප්‍රතිඵල සමාජයට අලෙවි කිරීමට විද්‍යාඥයින් පර්යේෂකයින් කටයුතු කළ යුතුයි. ඒ හරහා අපේ සම්පත් වලට වැඩි අගයක් එකතු කිරීමට වැඩි ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.”පර්යේෂණවල ප්‍රතිලාභ යන තේමව යටතේ සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් රණසිංහ මහතා විසින් පවත්වන ලදි. මෙහි දී අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධන අමාත්‍යතුමා මෙසේ පැවසීය. “දළ දේශීය නිෂ්පාදිතයෙන් පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කළ යුතුය යන මතයේ ජනාධිපතිතුමා ඇතුළු රජය සිටිනවා. අත්දැකීම් රාශියක් සහිතව එතුමා විශ්වාස කරනවා මානව සම්පත් සංවර්ධනය තුළින් ලබන ඵලය රටේ සංවර්ධනයට ඉවහල් වන බව. මේ රට සංවර්ධිත තත්වයට ගෙන ගොස් ජන ජීවිතය ඉහළ නැංවිය හැකි වෙන්නේ නව තාක්ෂණය, නවෝත්පාදන හා නව සිතුම් පැතුම් සහිත ආර්ථික ක්‍රමයක් තුළින් පමණයි. ඒ නිසා ඉදිරියේ දී කෙටි කාලයක් තුළ රජයෙන් ප්‍රතිපාදන සැපයීමේදී වෙනත් අංශ වලට වඩා, විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදන හා පර්යේෂණ ක්ෂේත්‍ර වලට ප්‍රමුඛතාව ලබාදී වැඩිම සම්පත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරනවා. එහි ප්‍රතිඵල සමාජයට අලෙවි කිරීමට විද්‍යාඥයින් පර්යේෂකයින් කටයුතු කළ යුතුයි. ඒ හරහා අපේ සම්පත් වලට වැඩි අගයක් එකතු කිරීමට වැඩි ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.”මෙහි දී අදහස් දැක්වූ තිලංග සුමතිපාල අමාත්‍යතුමා මෙසේ පැවසීය. “අප රටේ රජයෙන් පර්යේෂණය සඳහා ලැබෙන අවධානය අඩු මට්ටමකයි පවතින්නේ.

නමුත් වත්මන් රජයේ ප්‍රථම වතාවට තාක්ෂණ හා නවෝත්පාදන විෂය සඳහා වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. එය සිදු වූයේ මෙරට දියුණු දේශයක් කිරීමට කැපවී සිටින, අතිගරු ජනාධිපතිතුමන්ගේ අදහසක් අනුවයි. දේශපාලනමය නොවන මැදිහත් වීමක් තුළින් පළමු වරට රාජ්‍ය නායකත්වයට පත්වූ එතුමා රටේ දියුණුව සඳහා කටයුතු කරනවා. ඒ සඳහා අපි දැනට සිටින තත්ත්වයෙන් සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක හඳුනාගත යුතුයි. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය වෘත්තීමය ප්‍රවේශයක් හරහා විද්‍යාඥයින්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මෙරට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරගත හැකිවන්නේ තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයක් හරහා යන්න අපි රජයට ඒත්තු ගැන්විය යුතුයි.” නමුත් වත්මන් රජයේ ප්‍රථම වතාවට තාක්ෂණ හා නවෝත්පාදන විෂය සඳහා වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. එය සිදු වූයේ මෙරට දියුණු දේශයක් කිරීමට කැපවී සිටින, අතිගරු ජනාධිපතිතුමන්ගේ අදහසක් අනුවයි. දේශපාලනමය නොවන මැදිහත් වීමක් තුළින් පළමු වරට රාජ්‍ය නායකත්වයට පත්වූ එතුමා රටේ දියුණුව සඳහා කටයුතු කරනවා. ඒ සඳහා අපි දැනට සිටින තත්ත්වයෙන් සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක හඳුනාගත යුතුයි. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය වෘත්තීමය ප්‍රවේශයක් හරහා විද්‍යාඥයින්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මෙරට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරගත හැකිවන්නේ තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයක් හරහා යන්න අපි රජයට ඒත්තු ගැන්විය යුතුයි.” මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, චින්තක ලොකුහෙට්ටි, ජාතික විද්‍යා පදනම වැඩබලන සභාපතිනි, නන්දනී සමරවික්‍රම, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු විද්‍යාඥයන්, පර්යේෂණවේදීන් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1