විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන, ජාතික පර්යේෂණ සභාව ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රය සවිබල ගැන්වීමේ කාර්යය සඳහා රාජ්‍ය අරමුදල් සපයා දෙන ප්‍රමුඛ ආයතනයක් වන  වසර 1999 දී පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලද මෙම ආයතනයට 2019 මැයි මාසයේ දී වසර විස්සක් සපිරේ.

ජාතික පර්යේෂණ සභාවේ විසිවන (20) සංවත්සරය  වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පි ආයතන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.