විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ දැනුම සමාජය තුළ ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ශිල්ප සේනා වැඩසටහනට ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාල සක්‍රීයව දායක කර ගැනීමට නියමිත අතර, ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූහ.

shilpa sena uni9

shilpa sena uni3